බප/ගම්/මාබිම විද්‍යාකර මහා විද්‍යාලය

සමස්ත ලංකා කබඩි තරගාවලිය නැගෙනහිර කල්මුණේහිදී

අප විද්‍යාලයේ දහතුනෙන් පහළ වොලිබෝල් කණ්ඩායම දිස්ත්‍රික් ශූරතාව හිමිකර ගනිමින් ඉදිරියේදී පළාත් තරග සඳහා සහභාගී වීමට නියමිතයි

new side 3.jpg
new side 3.jpg

විදුහල්පති පණිවිඩය

ඩබ්ලිව්.ඒ.වී.එල්. විජේසූරිය

ගම්පහ අධ්‍යාපන කලාපයේ පිහිටි මාබිම විද්‍යාකර මහා විදුහල වසර පනස් තුනක පමණ  ඉතිහාසයක් ඇති පාසලකි. 6-13 ශ්‍රේණි දක්වා පන්ති පවත්වන අප විදුහල වර්තමානයේ උසස් පෙළ කලා, වාණිජ, ගණිත, විද්‍යා විෂය ධාරා ක්‍රියාත්මක වේ.

ක්‍රීඩාව තුළින් අධ්‍යාපනය  සංවර්ධනය යන තේමාව යටතේ 2022 වර්ෂයේ සිට පාසල තවත් ඉදිරියට ගමන් කරමින් සිටි. කබඩි ක්‍රීඩාවෙන් පසුගිය වසර දෙකේදි බස්නාහිර පළාතේ ශූරතාවය ලබාගෙන සමස්ත ලංකා තරගාවලි නියෝජනය කර ඇත.

තවද එල්ලේ, ක්‍රිකට්, දැල්පන්දු හා ක්‍රිකට් ක්‍රීඩාව ද ක්‍රියාත්මක වේ. එමෙන්ම වොලිබෝල් ක්‍රීඩාවෙන් 2023 වසරේ DSI Super Sport 13 න් පහළ  බාලිකා සමස්ත ලංකා අනුශූරතාව දිනා ගැනීමට අප දරුවන්  සමත් විය.

අ.පො.ස. (සා/පෙළ) 2022/2023 විභාගයෙන් 88.57% ක සමස්ත ප්‍රතිඵලයක් ලබා ඇත.  බහුවිද බුද්ධි න්‍යායට අනුව සියලු දෙනා සතු හැකියාවන් වර්ධනය කිරීමට විදුහල තුල අවස්ථාවන් සිසුන්ට උදාකර දීමටත් එම අවස්ථාවන් වලින් උපරිම ඵල නෙළා ගැනීමට සිසුන් යොමු කිරීමටත් කැපවීමෙන් වැඩකරන ඇදුරු මඩුල්ලක් සිටීමද විදුහල ලද භාගයකි.

විදුහල නමින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකිවීම තුලින් තොරතුරු හුවමාරු කර ගැනීමේ පහසුව නිසා අප විද්‍යාලයට එය තවත් වාසිදායක තත්ත්වයකි. මේ පිළිබඳව කටයුතු කළ සැමට ස්තුතිය පිරිනමමි.

තමන් ද බබලමින් මාබිම විද්‍යා කර නාමය බබලන්නට සිසු ගුරු දෙපිරිසටම හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති.

ඩබ්ලිව්.ඒ.වී.එල්. විජේසූරිය
විදුහල්පති
බප/ගම්/මාබිම විද්‍යාකර මහා විද්‍යාලය.