බප/ගම්/මාබිම විද්‍යාකර මහා විද්‍යාලය

සමස්ත ලංකා කබඩි තරගාවලිය නැගෙනහිර කල්මුණේහිදී

අප විද්‍යාලයේ දහතුනෙන් පහළ වොලිබෝල් කණ්ඩායම දිස්ත්‍රික් ශූරතාව හිමිකර ගනිමින් ඉදිරියේදී පළාත් තරග සඳහා සහභාගී වීමට නියමිතයි

new side 3.jpg
new side 3.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

.

බප/ ගම්/ මාබිම විද්‍යාකර මහා විද්‍යාලය කලාප පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ සඳහා දියුණුවේ මං පෙත් විවර කරගත් ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැලකී. රටට විශාල මෙහෙවරක් කරමින් සුවිශේෂී තනතුරු දරන ආදි ශිෂ්‍යයන් රැසක් බිහි කළ අප පාසල මේ වන විට තොරතුරු තාක්ෂණය හරහාද සාර්ථකත්වය කරා ළඟා වෙමින් පවතී.

තොරතුරු තාක්ෂණය හදාරනසිසුන්ගේ මූලිකත්වයෙන් අප පාසල නමින් වෙබ් අඩවියක් නිර්මාණය කොට පාසල හා සම්බන්ධ විවිධ පාර්ශවයන් අතර අදහස් හුවමාරු කර ගනිමින් ඒ තුළින් තවදුරටත් පාසල් දියුණුව ළඟා කර ගැනීමත් මාගේ අරමුණයි. ඒ සඳහා සහය දුන් සැමට ස්තුතිය පුදකර සිටින අතර අපගේ වෙබ් අඩවිය හරහා සම්බන්ධ වී සහයෝගය දැක්වීමට ඔබ සැමට ආරාධනා කරමි.

 

E.S.S.M. කුමාර මයා

නියෝජ්‍ය විදුහල්පති

බප/ගම්/මාබිම විද්‍යාකර මහා විද්‍යාලය

 

 

බප/ ගම්/ මාබිම විද්‍යාකර මහා විද්‍යාලය අධ්‍යාපනික වශයෙන් මෙන්ම ක්‍රීඩාමය ජයග්‍රහණ ඔස්සේ දියුණුවෙන් දියුණුවට ගමන් කරන බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දීප්තිමත් පාසලකි.කලාප පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමිකර ගනිමින් පාසල තුළින් බිහි වූ කීර්තිමත් ආදී ශිෂ්‍යයන්ගෙන්ද අප පාසල පොහොසත්ය. මේ වන විට පාසලට අභිමානයක් උදාකරමින් ඔවුන් විවිධ තනතුරු ඔස්සේ රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරයි. සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ විෂය ධාරාව හරහා තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන්ද පරිපූර්ණ අප පාසල තොරතුරු තාක්ෂණය හරහාද විශාල දියුණුවක් අත් කරගෙන සිටි යි. පාසල නමින් වෙබ් අඩවියක් නිර්මාණය කොට පාසල හා සම්බන්ධ විවිධ පාර්ශව අතර අදහස් හුවමාරු කොට ගෙන පාසල් දියුණුව තවදුරටත් වර්ධනය කර ගැනීම අපගේ අරමුණයි.

 පාසල හා සම්බන්ධ සියලු පාර්ශවයන්ට පාසල් වෙබ් අඩවිය හරහා සම්බන්ධ වී අප පාසලේ දියුණුවට සහයෝගය දැක්වීමට පාසල හා සම්බන්ධ සියලු දෙනාට හෘදයාංගම ආරාධනා කරමි. එමෙන්ම මෙම කාර්යය ඉතාමත් හොඳින් සංවිධානය කර සාර්ථක කරගැනීමට සහයදුන් සැමටද මාගේ ස්තුතිය පිරිනමමි. මාගේ සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම යහගුණ දම් නිරන්තරයෙන් වර්ධනය වී  බප/ ගම්/මාබිම විද්‍යා කර විද්‍යාකර මහා විද්‍යාලය වන අප පාසලට තව තවත් දියුණුවෙන් දියුණුවට ගමන් කිරීමට හැකියාව නිරන්තරයෙන් ලැබේවායි මගේ ප්‍රාර්ථනයයි.

 

නියෝජ්‍ය විදුහල්පතිනි

W.A.N. ලක්මාලි මිය

බප/ගම්/මාබිම විද්‍යාකර මහා විද්‍යාලය

.
.
..