බප/ගම්/මාබිම විද්‍යාකර මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

සමස්ත ලංකා කබඩි තරගාවලිය නැගෙනහිර කල්මුණේහිදී

අප විද්‍යාලයේ දහතුනෙන් පහළ වොලිබෝල් කණ්ඩායම දිස්ත්‍රික් ශූරතාව හිමිකර ගනිමින් ඉදිරියේදී පළාත් තරග සඳහා සහභාගී වීමට නියමිතයි

new side 3.jpg
new side 3.jpg

ගම්පහ පාඨශාලා ප්‍රතිසංවිධානය අනුව විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලය පවතින භූමියේම 1963-02-01 දින අභිනවයෙන් විද්‍යාකර මහා විද්‍යාලය ආරම්භ කරන ලදී. එම අංශයේ විදුහල්පති ලෙස  G.ගනේපොල මහතා වැඩභාර ගෙන ඇත. කෝ/උ/මාබිම විද්‍යාකර මහා විද්‍යාලයෙන් ප්‍රථමයෙන්ම විශ්ව විද්‍යාල වරම් ලැබූ ශිෂ්‍යයා ලෙස W.D.වික්‍රමරත්න ශිෂ්‍යයා පාසල් ඉතිහාසයට එක්විය. G. ගනේපොල විදුහල්පතිතුමාගේ අප්‍රතිහත උත්සාහය හා මැදිහත්වීම අනුව වර්තමාන විද්‍යාකර මහා විද්‍යාලය පිහිටි මෙම භූමිය රජයට පවරාගෙන පළමු ගොඩනැගිල්ලේ ඉඳිකිරීම් ආරම්භ කරන ලදී. 1968-01-11 දින G.ගනේපොල විදුහල්පතිතුමා විශ්‍රාම ගෙන ඇත.

1968-01-14 දින සිට 1970-07-07 දක්වා විද්‍යාලයේ විදුහල්පති ලෙස ගෝමස් මහතා වැඩභාර ගත් අතර 1970-07-07  දින සිට H.T. පෙරේරා මහතා විදුහල්පති ලෙස කටයුතු කරන ලදී.

H.T.පෙරේරා විදුහල්පතිතුමා මෙම විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව දියුණු කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් යුතුව කටයුතු කල බව එම යුගයේ අධ්‍යාපනය ලැබූ පිරිස් ප්‍රකාශ කරන්නේ ඉමහත් ගෞරවයෙනි. මෙසේ පාසල ක්‍රමක්‍රමයෙන් දියුණුව කරා ගෙන යමින් ඉමහත් සේවයක් කල H.T.පෙරේරා විදුහල්පතිතිමා 1976-12-09 දින විශ්‍රාම ගෙන ඇත. ඉන්පසු, 1977-01-01 දින සිට 1977-09-01 දක්වා L.G.M. පෙරේරා මහතා විදුහල්පති ලෙස කටයුතු කරන ලදී.

1977-09-05 දින U.S. සමරවික්‍රම මහතා විදුහල්පති ලෙස වැඩ භාර ගෙන ඇත. එම කාල සීමාවේදී හතරවන ගොඩනැගිල්ල (ලිඳ ඉදිරිපිට) ඉඳි කරන ලදී. 1980-01-21 දින U.S. සමරවික්‍රම මහතා ස්ථාන මාරුවක් ලබා වෙනත් පාසලකට ගියේය.

1980-01-22 දින මෙම විද්‍යාලයේම උප ගුරුවරියක ලෙස සේවය කළ W.S.විජේසිංහ මහත්මිය විදුහල්පතිය ලෙස වැඩ භාර ගෙන ඇත. 1991-01-02 දින H.A.D. එම්මානුවෙල් මහතා විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදී. එම කාල සීමාව තුලදී විද්‍යාලයේ වල බිහිවී තිබු බිම් කොටස එළිපෙහෙළි කර ක්‍රීඩා පිටිය සකස් කරන ලදී. සාමාන්‍ය පෙළ වාණිජ විෂය නැවත ආරම්භ කිරීම සිදු වුයේද මෙම කාලය තුලදීය. 1993-09-01 දින H.A.D.එම්මානුවෙල් මහතා විශ්‍රාම යන ලදී.

1993-09-01 දින රාජකරුණා සෙනෙවිරත්න බණ්ඩාර මහත්මිය විදුහල්පති ලෙස වැඩ භාර ගත් අතර 1994-04-26 දින ස්ථාන මාරු ලබා ගියාය. 1994-04-27 දින සිට 1994-07-14 දින දක්වා

W.D.L.P. ගුණවර්ධන මහතා වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කරන ලදී.

1994-07-15 දින L.L.තිලකරත්න මහතා විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදී. විද්‍යාලයට ඉමහත් අඩුපාඩුවක්ව පවතී බුදුමැදුර ඉදිකිරිම සිදු වුයේද මෙතුමාගේ සේවා කාලය තුලදීය. තවද නැටුම්

හා මුද්‍රා නාට්‍ය තරගයේදී සමස්ත ලංකා ප්‍රථම ස්ථානය 1997 වර්ෂයේදී මෙම විද්‍යාලය හිමිකර ගන්නා ලදී.

2011-05-09 දින මෙම විද්‍යාලයේ නි.විදුහල්පති ලෙස සේවය කල H.M.සාලින්ද කුමාර හේරත් මහතා විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදී. මෙම කාල සීමාව තුලදී නර්තන තරග සඳහා ඉදිරිපත්ව සමස්ත ලංකා ප්‍රථම ස්ථාන හිමිකරගෙන ඇත. 2011-11-28 දින එතුමා ස්ථාන මාරු ලබා ගියේය.

2011-12-29 දින H.T.ජයසිංහ මහත්මිය විදුහල්පති ලෙස වැඩ භාර ගත්තාය. 2012 වර්ෂයේදී උසස් පෙළ අංශයෙන් විභාගයට පෙනී සිටි සිසුවියන් දෙදෙනෙකු හා එක ශිෂ්‍යයෙකු විශිෂ්ට ලෙස විභාගය සමත් විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි ප්‍රථම කණ්ඩායමේ ක්‍රිශානි ශර්මිලා ශිෂ්‍යාව A 3 ලබා විශ්ව විද්‍යාල වරම් ලබා ගන්නා ලදී.

අභිනවයෙන් ඉදි කරන ලද තාක්ෂණික විද්‍යාගාරය තුල ජිව රසායනාගාරයක්, පරිගණක විද්‍යාගාරයක්, ගණිතාගාරයක් හා භාෂාගාරයක් ඇත. 2017 වර්ෂයේදී උසස් පෙළ විද්‍යා විෂයා ධාරාව ආරම්භ කිරීම මෙම යුගයේ විද්‍යාලයේ සිදු වූ ක්‍රමානුකුල සංවර්ධනයට කදිම සාධකයකි.

2018-06-26 වන දින H.T. ජයසිංහ මහත්මිය විශ්‍රාම ගත් අතර ඒ වන විට නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුත් කල M.A.K.N.පෙරේරා මහත්මිය වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කළාය.2018-11-21 වන දින M.M.අමරවීර මහතා නව විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදී.

M.M.අමරවීර මහතා නව විදුහල්පති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු පාසලේ අවශ්‍යතා කිහිපයක් ඉටුකර ගැනීමේ අඩිතාලම සකස් විය. පාසලේ පන්ති කාමර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා, එවකට පළාත් සභා මන්ත්‍රීව සිටි ලක්ෂ්මන් ගුණවර්ධන මහතාගේ ප්‍රතිපාදන යටතේ තෙමහල් ගොඩනැගිල්ලක් සඳහා මුලික වැඩකටයුතු ආරම්භ විය.

ආදී ශිෂ්‍ය මඟ පෙන්වීම යටතේ බුදු මැදුර පිළිසකර කරන ලදී. පාසලේ පැවති ජල ගැටළුවටද පිළියම් යොදන ලදී. ගුරු මණ්ඩලය අතර අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කිරීමටද විදුහල්පතිතුමා කටයුතු කරන ලදී.

වසර 25 කට පමණ පසු 2019 වර්ෂයේ අ.පො.ස.(සා/පෙළ) විභාගයෙන් A 9 සාමාර්ථයක් ලබා එම්.ඩී.දිව්‍යලෝෂනි ශිෂ්‍යාව විද්‍යාලයට ගෞරවයක් හිමිකර දුන්නාය.එමෙන්ම,2019 වර්ෂයේ දී ප්‍රථම වරට අ.පො.ස.(උ/පෙළ) විභාගයේ විද්‍යා අංශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගයට මුහුණ දුන් අතර ගණිත අංශයෙන් මුහුණ දුන් ශිෂ්‍යයාව විභාගය සමත් විය. 2020 වර්ෂයේදී පාසල් ක්‍රීඩා උත්සවය අභිමානවත් ලෙස පවත්වන ලදී. පාසල තුල  දරුවාගේ අධ්‍යාපනය තවදුරටත් නඟා සිටුවීමට අවශ්‍ය පියවර ගනිමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සුහුරු පන්ති කාමර 2ක්ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලද අතර මේ වන විට එම සුහුරු පන්ති කාමර ඉඳිකර ඇත. ඒ සඳහා අවශ්‍ය භාණ්ඩ තවම ලැබී නොමැත.

ඒමෙන්ම, කොවිඩ්-19 වසංගතය තුළ පාසල් වසා ඇති කාලය තුළ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට අවශ්‍ය කටයුතු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් සිදු කළහ.

  •               2021/12/16 දින M.M.  අමරවීර මහත්මා  බප/ගම්/ ඉඹුල්ගොඩ  රාජසිංහ විද්‍යාලයට ස්ථානමාරු ලබා ගියේය.
  •               එදින සිට 2021.01.31දින දක්වා නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කළ M.A.K.N. පෙරේරා මහත්මිය වැඩබලන විදුහල්පතිනිය ලෙස කටයුතු කළාය.

              2022.01.31 දින  W.A.V.L. විජේසූරිය මහත්මා නව විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදී. W.A.V.L. විජේසූරිය මහත්මා නව විදුහල්පති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු විද්‍යාලයේ ක්‍රීඩා අංශය නව මාවතකට යොමු කරමින් කබඩි ක්‍රීඩාව හා වොලිබෝල් ක්‍රීඩාව සංවර්ධනය කර ජයග්‍රහණය රාශියක් පාසලට ගෙන ඒමට කටයුතු කළේය. ඒ සඳහා සම්පත් දායකයින් ගෙන් ආධාර උපකාර ලබා ගැනීමට හැකි වීම අගය කළ යුතුය තව ද විද්‍යාලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු රාශියක් ද සිදු කළ අතර පුස්තකාලය නවීකරණය කර සිසු පරිහරණය සඳහා නව සැලසුම් සකස් කරන ලදී. 2023 වර්ෂයේ දී 13 න් පහළ වොලිබෝල් කණ්ඩායම සමස්තලංකා අනු ශූරතාව ලබාගනීම දක්වා ත් 17 න් පහළ කබඩි කණ්ඩායම ලබාගත් බස්නාහිර පළාත් ජයග්‍රහණය දක්වාත්  මනාව නියාමනය කරමින් විද්‍යාලයේ නව පුනරුදයක් ඇතිකිරීමට වර්තමාන විදුහල්පති තුමාට හැකි විය. 2019 වර්ෂයේ තෙමහල් ගොඩනැගිල්ල සඳහා රුපියල් කෝටි එකක් වැය කර අත්තිවාරම පමණක් දමා තිබූ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නැවත ආරම්භ කර ගැනීම සඳහා W.A.V.L. විජේසූරිය  විදුහල්පති තුමා පාසල් සංවර්ධන සමිතියද ඒකරාශී කර ගනිමින් අවශ්‍යය කටයුතු සළසුම් කර දැනට මහල් 2ක් දක්වා ඉදිකිරීම් කර ඇත.